| |
දේව් ආනන්ද් මියයයි
12-04-2011
බොලිවුඞ්හි සුපිරි නළුවෙකුව සිටි දේව් ආනන්ද් ඊයේ (දෙසැ. 03) අභාවප‍්‍රාප්ත විය.
ඒ වන විට ඔහු 88 වැනි වියෙහි පසුවිය.
වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ලන්ඩන් නගරයට පැමිණ සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බව පීටීඅයි පුවත් සේවය වාර්තා කර සිටී.
වසර 1946දී සිනමාවට පිවිසි දේව් ආනන්ද් ‘පේයින් ගෙස්ට්’, ‘බාසි’, ‘ජුවෙල් තීෆ්’, ‘සීඅයිඞී’, ‘ජොනි මේරා නාම්’, ‘අමීර් ගරිබ්’, ‘වොරන්ට්’, ‘හරේ රාමා හරේ කි‍්‍රෂ්ණා’, සහ ‘දෙස් පර්දේස්’ වැනි ඉතා ජනපි‍්‍රය චිත‍්‍රපටවල ප‍්‍රධාන චරිත රඟපෑවේය.
|
අහුබුදු අභාවප්‍රාප්ත
5-27-2011
සිංහල භාෂාව පිළිබඳ කීර්තිමත් වියතෙකු වූ කලාශූරී අරිසෙන් අහුබුදු මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. එතුමා කීර්තිමත් ග්‍රන්ථරචකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කිවියෙක් ද වූ අතර මිය යන විට හෙතෙම 92 වියෙහි පසු විය.
|
සත්‍ය ශ්‍රී සායි බබා මෙලොව හැරයයි
4-24-2011
අධ්‍යාත්මික නායක සත්‍ය ශ්‍රී සායි බබා අද පෙරවරුවේ මෙලොව හැරගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අද(24)පෙ.ව 7.45 ට පමණ ආන්ද්‍රපෙදෙස්වල පුත්තපර්ති ප්‍රදේශයේ ස්ථාපිත සත්‍ය ශ්‍රී සායි විශේෂ රෝහලේදී ඔහු අවසන් හුස්ම හෙළූ බව ඩෙකෑන් හෙරල්ඩ්,හින්දුස්ථාන් ටයිම්ස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අවසන් හුස්ම හෙළන විට අසූපස් වියේ පසු වූ සත්‍ය ශ්‍රී සායි බබා ලොව පුරා අති විශාල බැතිමතුන් පිරිසකගේ ගෞරව බහුමානයට පාත්‍රවූවෙකු වන අතර ශ්‍රී ලංකාවේද සායි බැතිමතුන් සැලකියයුතු පිරිසක් සිටිති.
කෙසේ වෙතත් පසුගිය දින 26 ක පමණ කාලයක සිට දැඩි සේ රෝගාතුරුව සිටි සත්‍ය ශ්‍රී සායි බබා ඔහුගේම ධන පරිත්‍යාගයෙන් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කිරීම සඳහා පුත්තපර්ති හි ස්ථාපිත කළ විශේෂ රෝහලේදී අද අලුයම අවසන් හුස්ම හෙළා තිබේ.
මේ වන විට පුත්තපර්ති ප්‍රදේශයට ලෝකයේ නන්දෙසින් බැතිමතුන් අති විශාල ප්‍රමාණයක් ඇදී එන බවත්,ඒ අතර දෙස් විදෙස් ප්‍රභූන් ද විශාල වශයෙන් පැමිණෙන බැවින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
|
එලිසබෙත් ටේලර් අභාවප්‍රාප්ත වෙයි
4-03-2011
ජනප්‍රිය හොලිවුඩ් නිලි එලිසබෙත් ටේලර් අභාවප්‍රාප්ත වෙයි
2011 මාර්තු 23 වෙනි බදාදා, 21:01
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
20 වන සියවසේ හොලිවුඩ් රිදී තිරයේ නොමැකෙන සළකුණක් සටහන් කළ ජනප්‍රිය නිලි එලිසබෙත් ටේලර් අභාවප්‍රාප්ත වී තිබේ.
ඇමෙරිකානු වාර්තා පවසන්නේ සති 06ක් පමණ තිස්සේ රෝහල්ගත ව සිටි ඇය ලොස්ඇන්ජලීස් රෝහලකදී අභාවප්‍රාප්ත වූ බවයි.
79 වෙනි වියේ පසු වූ එලිසබෙත් ටේලර් හෘදයාබාධයකට ලක්ව සිටියාය.
|
එකද නිළියක හෝ රඟ නොපෑ චිත්‍රපටයක්
2-12-2011
නිදහස ලබා වසරකට ආසන්න කාලයක් ගතව තිබුණ ද තවදුරටත් ශ්‍රී ලංකාවේ යටත් විජිත නටඹුන් ඉතිරිව තිබිණි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මෙරටට ලැබුණ දායාදයක් ලෙස සැලකිය හැකි අශ්ව රේස් සඳහා මුදලින් ඔට්ටු ඇල්ලීම එකල සමාජයේ සමහර ප්‍රභූවරුන්ගේ පවා සහභාගිත්වයෙන් පැවැතිණි. කොළඹ රීඩ් මාවතේ තුරඟ තරග පිටියේ සෑම සති අන්තයකම පාහේ මෙම තරග පැවැත් වුණ අතර ඒවා මෙහෙයවීම හා මුදල් පරිපාලන කටයුතු සිදු කළේ සිලෝන් ටර්ෆ් ක්ලබ් හෙවත් සී. ටී. සී. ආයතනයයි.
තුරඟ තරග සති අන්තයන්හි පැවැත්වුණ අතර 1949 ජනවාරි 29 සෙනසුරාදා එකතු වූ මුදල් සී. ටී. සී. ආයතනයේ අයකැමිවරුන් විසින් ගණන් කිරිමෙන් අනතුරුව ඒවා සේප්පුවල තැන්පත් කෙරුණේ ජනවාරි 31 සඳුදා කොළඹ කොටුවේ චාර්ටඩ් බැංකුවේ තැන්පත් කරනු පිණිසය.
මුදල් තැන්පත් වූ සේප්පු විවෘත කිරීමට යතුරු හතරක් අවශ්‍ය වූ අතර ඒවායින් දෙකක් සී. ටී. සී. ආයතනයේ ලේකම්ව සිටි එෆ්. ජී. මෝර්ලි අත ද, අනෙක් යතුරු දෙක ආයතනයේ ප්‍රධාන අයකැමි එස්. ආර්. පීරිස් අත ද විය.
සඳුදා (31) උදෑසන දෙදෙනා පැමිණ සේප්පු විවෘත කොට මුදල් බැංකුව වෙත ගෙන යා යුතු වු අතර ඒ සඳහා භාවිත කිරීමට නියමිතව තිබුණේ ‘ආම්ස්ට්‍රෝං’ ගරාජයෙන් සී. ටී. සී. ආයතනය වෙත එවනු ලබන මෝටර් රථයයි. සත් දෙනකුට සුව පහසුව ගමන් කළ හැකි ආකාරයේ රථ තුනක් ආම්ස්ට්‍රෝං ගරාජය සතුව තිබූ අතර සෑම සඳුදාවකම ඒ රථ අතරින් එකක් සී. ටී. සී. ආයතනය වෙත ගෙන ආවේ මුදල් බැංකුව වෙත අරගෙන යනු පිණිසය.
ජනවාරි 30 ඉරිදා පස්වරුවේ ආම්ස්ට්‍රෝං ගරාජයට අයත්ඛ 6033 දරන රථය කුලී ගමනක් සඳහා පිටත් විය. කුරුවිටගේ ජෝන් සිල්වා හෙවත් පොළඟා ජෝන් රථය පදවනු ලැබූ අතර පුත්තලමට යා යුතු යැයි පැවසුණ එම ගමනට ගරාජය රුපියල් 269.50 ක ගාස්තුවක් නියම කර තිබිණි. රුපියල් 50 ක අත්තිකාරම් ගෙවා රථය වෙන් කර ගෙන තිබුණේ රූපානන්ද ද සිල්වා නමැත්තෙකි.
එය හොලිවුඩ් චිත්‍රපටයක එන සැලසුම් සහගත මංකොල්ලයක ජවනිකා පෙළක් බඳු වූ මංකොල්ලයක් සඳහා ගැනුණ පළමු පියවර වූයේය. ජනවාරි 30 දා සන්ධ්‍යාවේ විල්පත්තු කැලයේදී ජෝන් සිල්වා ගස් බැඳ ගෑස් මුහුණක් පලඳවා මරා දමා රථය පැහැර ගැනුණ අතර ජනවාරි 31 උදෑසන අට වන විට ඛ6033 රථය සී. ටී. සී. ආයතනය වෙත ළඟා විය. එහි රියදුරු ලෙස පැමිණි ගිල්බට් ඩයස් ආයතනයේ නිලධාරීන්ට හුරු පුරුදු ආම්ස්ට්‍රෝං ගරාජයේ සේවකයකු වූ අතර ඔහු ද සැලසුම් කර ඇති මංකොල්ලයේ කොටස්කරුවකු බව නිලධාරීන් දැන සිටියේ නැත.
රථය බැංකුව වෙත ගමන් ඇරඹීමට පෙර කොටුව පොලිස් ස්ථානයට දැනුම් දීම හා එහි සිට පැමිණෙන පොලිස් පරික්ෂකවරයකු රථයේ නැඟී බැංකුව බලා ගමන් කිරීම සාමාන්‍ය ක්‍රමය වූ අතර 1949 ජනවාරි 31 දා ද ඒ සියල්ල සුපුරුදු ආකාරයටම සිදු වූයේය.
එහෙත් එදින උදේ 8.30 ට පමණ තුරඟ තරග සමාජය ගොඩනැගිල්ලෙන් පිට වූ වාහනය කොළඹ චාර්ටඩ් බැංකුව වෙත පැමිණියේ නැත. අතරමඟදී සැලසුම් සහගත මංකොල්ලය ක්‍රියාවට නැං වී තිබූ අතර පැහැර ගැනුණ මුදල රුපියල් හාර ලක්ෂයක් බව ප්‍රකාශ විය. මෙයට වසර හැටකට පමණ පෙර එය සුවිශාල මුදල් සම්භාරයක් වූයේය.
සමකාලීනව පොලිස් අධිකාරීවරුන් වූ ඩී. සී. දිසානායක, ඊ. ඩී. කූ®ල්මේයර් හා රොක්වුඩ් යන අයගේ මෙහෙයවීම යටතේ සහකාර පොලිස් අධිකාරීවරුන් වූ බී. ඩබ්ලිව්. පෙරේරා, පර්සි සෙනවිරත්න, ජේ. ඩබ්ලිව්. ආටිගල, ලැම්බ්‍රෑගන්, ලයනල් ගුණතිලක හා කිටෝ යන අය වහා පරීක්ෂණ ඇරඹූහ.
වෙනදා මෙන් කටයුතු කෙරෙන බව පෙනුණ ද ජනවාරි 31 දා බැංකු ගමනේදී ආරක්ෂක නිලධාරියා ඇතුළු කිහිප දෙනෙක්ම සැලැස්මට අනුව රඟපෑ පිටස්තරයන් බව අනාවරණය වෙද්දී ජෝන් සිල්වාගේ මළ සිරුර ද සොයා ගැනිණි. ඒ සමඟම රියැදුරු ජෝන් සිල්වා මරා දැමීම හා තුරඟ තරග සමාජයට අයත් රුපියල් ලක්ෂ හතරක මුදලක් පැහැර ගැනීම යන චෝදනා යටතේ අට දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව අධිකරණයේ නඩු පැවරිණි. එම විත්තිකරුවන් වූයේ පහත සඳහන් අයයි.
1. හත්වැල්ලගේ ගිල්බට් ඩයස්
2. මලිගස්පෙ කෝරළගේ විල්සන්
3. සුරවීරගේ ලුවිස් ඩයස්
4. ආරච්චිරාළ හෙවත් එන්. ඒ. එස්. ද සිල්වා ජයසිංහ
5. එම්. විජේදාස පෙරේරා
6. එම්. ඒ. එල්. වර්ලිස් මුණසිංහ
7. එම්. ඒ. ඩී. ජේමිස් සෙනවිරත්න
8. ආර්. එල්. ජයනන්ද ප්‍රේමලාල්
මංකොල්ලයේ මහ මොළකරු ව්‍යාපාර කිහිපයක් ද හිමිව සිටි ප්‍රභූ® පන්තියේ පුරවැසියකු ද වූ හතරවැනි විත්තිකරු ජයසිංහ බව අනාවරණය විය.
හය වැනි විත්තිකරු මුණසිංහ හිටපු පොලිස් භටයකු වූ අතර, පස්වැනි විත්තිකරු විජේදාස පෙරේරා රාජකීය යුද හමුදාවේ රියැදුරෙක් ලෙස සේවය කළ අයෙක් වූයේය.
මංකොල්ලයේ ප්‍රධාන හවුල්කරුවකු වූ ගිල්බට් ඩයස් සී. ටී. සී. ආයතනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ හොඳ දැනුමක් ලබා සිටි අයෙක් විය. ඒ දස වසරක් තිස්සේ ආයතනය ඇතුළත ආපන ශාලාවක් පවත්වාගෙන යෑම හරහාය.
1950 ජනවාරි 24 දා එම විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාගයට ගැනීම ඇරඹිණි. එම අට දෙනාම වැරදිකරුවන් බව අධිකරණයේ තීන්දුව වූයේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයන් ඉදිරිපත් වුව ද 1950 ජූලි 26 දා අභියාචනා ප්‍රතික්ෂේප විය. අධිකරණ තීන්දුව අනුව පස්වැනි විත්තිකරු විජේදාස පෙරේරා 1950 අගෝස්තු 29 දා ද, ජේමිස් සෙනවිරත්න හා වර්ලිස් මුණසිංහ පිළිවෙළින් අගෝස්තු 30 හා 31 දෙදින ද, අටවැනි විත්තිකරු ජයනන්ද ප්‍රේමලාල් සැප්තැම්බර් 1 දා ද එල්ලා මරණයට පත් කෙරිණි. අනෙක් අයට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී තිබිණි.
සමකාලීනව දිවයිනේ මහත් ආන්දෝලනයක් ඇති කළ එතෙක් මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය සහ ඊට අදාළව සිදු කෙරුණු අපරාධය සිනමාවට ගෙන ආවේ කෘතහස්ත සිනමාකරුවෙක් වූ ටයිටස් තොටවත්තයන්ය. සිංහගිරි චිත්‍රපට වෙනුවෙන් සුගතදාස මාරසිංහ නිපැයූ මෙම චිත්‍රපටයේ සුවිශේෂත්වයක් වූයේ එකද නිළියක හෝ එහි රඟ නොපෑමයි.
1971 දෙසැම්බර් 17 දා තිරගත වීම ඇරඹූ ‘හාර ලක්ෂය’ චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම, පියදාස ගුණසේකර, රොබින් ප්‍රනාන්දු, සේනාධීර රූපසිංහ, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, බුද්ධි වික්‍රම, සෝමසිරි දෙහිපිටිය, වින්සන්ට් වාස්, ගැමුණු විජේසූරිය, මොහිදීන් බෙග්, තිලකසිරි ප්‍රනාන්දු, නාමෙල් වීරමුනි ඇතුළු පිරිසක් රඟපෑහ. මෙම චිත්‍රපටයේ දෙමළ පිටපත ‘නාංගු ලෙච්චම්’ යන නමින් 1974 අගෝස්තු 15 දා සිට තිරගත කෙරිණි.
චිත්‍රපටය තිරගත කරද්දී සැබෑ මංකොල්ලයට යොදා ගත් මෝටර් රථයම සොයා ගත් නිෂ්පාදකයෝ එය කොළඹ මරදාන හන්දියේ සවි කළ අට්ටාලයකට ගොඩ නංවා, අලුත් ප්‍රචාරක ක්‍රමයක් දියත් කළහ. එය නැවත සොයා ගැනුණේ ගරාජයක දිරා පත් වෙමින් තිබියදීය.
|
කීපදෙනෙක්‌ම අහලා තියෙනවා - ශේෂාද්‍රී ප්‍රියසාද්
2-12-2011
පියාගෙන් ලද ආභාසය ඔස්‌සේ යමින් කලා ක්‍ෂේත්‍රය වර්ණවත් කිරීමට එක් වූ දියණියන් තිදෙනෙක්a අතරින් දෙවැනියා ඇයයි. නුදුරු දිනයකදීම චැලෙන්ජර් සිනමාපටය ඔස්‌සේ ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණීමට දෑස් දල්වා සිටින ඇය ශේෂාද්‍රී ප්‍රියසාද්.
ශේෂාද්‍රී කොහොමද?
ගොඩක් හොඳින් ඉන්නවා. විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උපාධිය කරන නිසා මේ දවස්‌වල අධ්‍යාපන කටයුතු එක්‌ක තමයි වැඩි කාලයක් ගතවෙන්නේ.
මේ දවස්‌වල නොඉවසිල්ලෙන් ඉන්න කාරණාවකුත් තියෙනවා නේද?
ඇත්තටම ඔව්, මම රඟපාපු මුල්ම චිත්‍රපටය තිරගතවෙන්න ළඟයි. 2009 නොවැම්බර් මාසේ තමයි චැලෙන්ජර් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළේ. ඒ දවස්‌වල ඉඳලා හැමෝම ඇහුවා කවදද චිත්‍රපටය බලන්න ලැබෙන්නේ කියලා. ඒ නිසාම චැලෙන්ජර් බලන්න මගෙ හිතේ තිබුණු ආසාවත් වැඩිවුණා.
මීට කලින් කිසිදු නිර්මාණයකට සම්බන්ධ වෙලා නැද්ද?
තාත්තා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකට පුංචි පුංචි චරිතවලින් එකතුවෙලා තියෙනවා.
පියා (දිනේෂ් ප්‍රියසාද්) නිසාද ඔබ රංගනයට ආවේ?
තාත්තගෙ නිර්මාණවලට සම්බන්ධ වෙලා තිබුණට මම කාගෙ කවුද කියලා නොදැන තමයි උදයකාන්ත වර්ණසූරිය මහත්මා මට චැලෙන්ජර් චිත්‍රපටයට කතා කළේ. පුංචි පැංචි වැඩසටහනෙයි, සී වයිඩ්ස් වැඩසටහනෙයි මමයි අක්‌කයි නිවේදන කටයුතු කරන කාලේ ඉඳලම උදයකාන්ත මහත්මා නිර්මාණවලට කතා කළා. අධ්‍යාපන කටයුතුවලට බාදාවක් වෙයි කියලා හිතපු නිසා ගියේ නැහැ. චැලෙන්ජර් චිත්‍රපටයට තමයි ප්‍රධාන චරිතයකින් මුලින්ම සම්බන්ධ වුණේ.
මුලින්ම සිනමා පටයකින් එන්න ලැබීම දැනෙන්නේ?
ගොඩක් සතුටුයි. චැලෙන්ජර් වගේ චිත්‍රපටයක් ලැබීම ගැන ඊටත් වඩා සතුටුයි. ටෙලිනාට්‍යවල රඟපාන්න කැමති නැති නිසා හිතාගෙන හිටියේ කවදාහරි දවසක චිත්‍රපටයකින්ම ඉදිරියට එනවා කියලා. ඒ හීනේ අද සැබෑ වෙලා තියෙනවා.
එයත් ප්‍රධාන චරිතයක් වීම?
අහම්බෙන් කෙනෙකුට ලැබෙන දෙයක්. මීට කලින් ප්‍රධාන චරිත රඟපාලා තිබුණේ නැති වුණාට මට විශ්වාසයක් තිබුණා අවස්‌ථාවක් ලැබුණොත් කරන්න පුළුවන් කියලා. ඒකට තාත්තගේ ආභාසයත් හේතුවක් වෙන්න ඇති.
නමුත් ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ කියන සමහර අය පස්‌සේ ඒවායේ රඟපානවා නේද?
මට රඟපාන්න ආසාව ඇතිවුණු දවසේ ඉඳලා හිතුවේ චිත්‍රපටවල රඟපාන්න. නමුත් කිව්වා වගේ ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ කියලා පස්‌සේ රඟපාන අයත් ඇති. මම නම් එහෙම වෙනස් වෙන කෙනෙක් නෙමෙයි.
ශේෂාද්‍රීගේ පෞද්ගලික තොරතුරු කිව්වොත්?
මගේ ගම නුගේගොඩ. පවුලේ අම්මයි, තාත්තයි, අක්‌කයි, නංගියි. බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනුයි නුගේගොඩ රෝයල් ඉන්සිටියුට් ජාත්‍යන්තර පාසලෙනුයි අධ්‍යාපනය ලැබුවා.
චැලෙන්ජර් හි ඔබේ චරිතය ගැන හැඳින්වීමක් කළොත්?
ශාරාන්‍යා තමයි මගේ චරිතය. ශාරාන්‍යා කියන්නේ ධනවත් පවුලක දුවෙක්. ඇගේ ආදරය දිනාගන්න පිරිමි ළමයි දෙනෙක් තරගකරනවා. යාළුවොත් එක්‌ක විනෝදයෙන් ගත කරන චරිතයක්. ශාරාන්‍යාගේ සමහර දේවල් මගේ ජීවිතේට සමානයි.
ඒ කියන්නේ ශේෂාද්‍රීත් ශාරාන්‍යා වගේද?
ශාරාන්‍යා තරම් ධනවත් නම් නැහැ. මධ්‍යම පාන්තිකයි. ශාරාන්‍යාට තියෙන තරම් නිදහසකුත් මට නැහැ. ශාරන්‍යා යාළුවොත් එක්‌ක විනෝදෙන් ගත කරන ජීවිතේට නම් සමානයි.
එතකොට ශාරාන්‍යා වගේ පෙම්වතියක් ද ශේෂාද්‍රී?
කිහිප දෙනෙක්‌ම ආදරේ ගැන මගෙන් අහලා තියෙනවා. ඒ හැමෝටම කිව්ව එකම දේ තමයි අධ්‍යාපන කටයුතු ඉවර වෙනකම් එහෙම දෙයක් ගැන හිතන්නේ නැහැ කියලා.
ඉදිරියේදී ඔබව දකින්න පුළුවන් වෙනත් නිර්මාණ මොනවාද?
මගෙ තාත්තාගෙ (දිනේෂ් ප්‍රියසාද්ගේ) ඇද්දා ලණුව දැම්මා කොඩිය, උදයකාන්ත වර්ණසූරිය මහත්මාගේ සෙනසුරු මාරුව චිත්‍රපට දෙකම තිරගත වෙන්න තියෙනවා.
චරිතය අතින් ගත්තොත් ශේෂාද්‍රී මොනවගේ කෙනෙක්‌ද?
මම හිතනවා මම හොඳයි කියලා. අම්මා කියන විදිහටනම් ටිකක් දඟයි. ගොඩක් තරහා යනවා. ඉවසීමත් තියෙනවා. මගේ පාඩුවේ ඉන්න කෙනෙක්.
දැන් දිගටම රඟපාන්නද
බලාපොරොත්තුව?
අධ්‍යාපන කටයුතුවලින් ඉදිරියට ගිහින් ව්‍යාපාරයක් කරන්න අදහසක් තියෙනවා. ඒ අතරේ චරිත ලැබෙන විදිහට රඟපානවා.
ඇයි රංගනය වෘත්තිමය කරගන්න කැමති නැද්ද?
ජීවිතේ ගෙවන්නනම් ප්‍රධාන වශයෙන් මුදල් අවශ්‍යයි. රංගනය වෘත්තිමය වශයෙන් කරන්න අමාරුයි. මොකද මාසෙකට නිර්මාණ කීයක් ලැබෙයිද කියලා අපි කාටවත් කියන්න බැහැ. නමුත් ස්‌ථිර රැකියාවක් හරි ව්‍යාපාරයක් හරි කළොත් අපි දන්නවා මාසේ අන්තිමට මුදලක් අපේ අතට එනවා කියලා.
ඒ කියන්නේ රංගනය විනෝදාංශයක් හැටියට කරන්නද බලාපොරොත්තු වෙන්නේ?
මම පුවත්පත්වලින් දැකලා තියෙනවා සමහරු ඔය කතාව කියලා තියෙනවා. අත්දැකීම් ගොඩක් ලබලා නැති වුණත් මම කවදාවත් රංගනය විනෝදාංශයක් හැටියට දකින්නේ නැහැ. රංගනය අදහගෙන කරන්න ඕන දෙයක්.
අක්‌කගෙයි නංගිගෙයි දක්‍ෂතාවන් ඔබ දකින්නේ කොහොමද?
අපි තුන්දෙනාගෙන්ම නංගිගේ (ෂනුද්‍රී) හැකියාවන් තමයි මුලින්ම දැක්‌කේ. එයා රඟපාද්දි අවුරුදු තුනහමාරයි. අක්‌කත් (දිනක්‌ෂි) ගොඩක් දක්ෂයි. අක්‌කා අහිංසක නිසා අපි කවුරුත් හිතුවේ නැහැ එයා රඟපායි කියලා. මම හිතනවා එයා මට වඩා ගොඩක් දක්ෂයි කියලා.
|
සින්දු ලියන, විමල්
2-12-2011
(කොළඹ-ලංකාපුවත්) අමාත්‍ය විමල් වීරවංශ යනු විවිධ හැකියාවන් ඇති අසහාය පුද්ගලයෙක් වන අතර ඔහු මේ දිනවල නිරතව සිටින අලුත්ම කාර්ය වන්නේ ගී පද රචනය හා තනු නිර්මාණයයි.
මේ සතියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ විමල් වීරවංශ මහතා, ජන සෙවණ නිවාස වැඩසටහන වෙනුවෙන් ඔහු අතින්ම ලියවුණු ඔහුගේ කුළුදුල් ගී පද රචනය ජනපතිට පිළිගැන්වීය.
ජන සෙවණ වැඩසටහනේ තේමා ගීතයේ තනු නිර්මාණයද ඔහු විසින්ම නිර්මාණය කර තිබූ අතර එහි රූප රාමු ඇතුළත් වීඩියෝ දර්ශනයට ජනපති ඉදිරියේ ප්‍රදර්ශනය කෙරිණි.
විමල්ගේ මෙම කුළුදුල් ගී පද රචනය සහිත වීඩියෝ පටය දෙස සාවදානව බලා සිටි ජනාධිපතිතුමා, “විමල් ඔයාගේ වැඩ නම් අති විශිෂ්ටයි” යනුවෙන් මහත් වූ සතුටෙන් ප්‍රකාශ පැවසීය.
විමල් ඇමතිතුමාගේ මෙම දක්ෂතාවය අගය කරමින් ජනාධිපතිතුමා, තමන් යටතේ ක්‍රියාත්මක වන ගෙවතු වගා වැඩසටහනේ තේමා ගීතය නිර්මාණය කිරීමේ වගකීම විමල් ඇමතිතුමාට පැවරීය.
විමල් ඇමතිතුමාට සංගීත ක්ෂේත්‍රයේ පසු කිරීමට ඇත්තේ තවත් එක් කඩඉමකි. ඒ ගායකයෙක් වීම පමණි. විමල්ගේ මෙම හැකියාවන් දකින ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් නිරන්තරයෙන් දුක් වනු ඇත්තේ ඔවුන්ගේ අනාගත ‘විමුක්ති ගී’ සඳහා ‘සුපර් ස්ටාර්’ කෙනෙක් අහිමි වීම නිසාය.
|
16 හැවිරිදි දැරිය දූෂණය
12-14-2010
16 හැවිරිදි දැරිය දූෂණය කිරීම: පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පස් දෙනෙකුට නොතිසි
E-mail Print PDF
දෙසැ.14- 16 හැවිරිදි දැරියක් සමූහ වශයෙන් දූෂණය කර ඇතැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකුට නොතිසි නිකුත් කර තිබේ.
ඒ හෙට දිනයේ ඔවුන්ට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසය.
අදාළ දැරිය මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ නවාතැන්පලකට රැගෙන ගොස් දින කිහිපයක් එහි තබාගෙන දූෂණය කළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.
පොලිසිය පැවසුවේ අදාළ නොතිසි එම සැකකරුවන්ගේ ඥාතීන් වෙත භාරදී ඇති බවත් ඒ පිළිබද වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කරන බවය.
එම දුෂණ සිද්ධීයට සැකකරුවන් 10 දෙනෙකු සම්බන්ධ වී ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
එයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් සංඛ්‍යාව 5 කි.
එම සිද්ධියට මැදිවූ දැරිය කෑගල්ල රෝහලට ඇතුලත් කර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත් එම දැරිය අධිකරණ නියෝග මත ළමා නිවාසයක රඳවා ඇති බව පොලීසිය සඳහන් කළේය.
|
අසභ්‍ය වීඩියෝවල සිටි පුද්ගලයින්ගේ ඡායාරූප
12-14-2010
අසභ්‍ය වීඩියෝවල පෙනී සිටි පුද්ගලයින්ගේ ඡායාරූප පොලිස් ස්ථාන වෙත
E-mail Print PDF
දෙසැ.14- අන්තර්ජාලයේ, අසභ්‍ය වීඩියෝ දර්ශනවලට පෙනී සිටි පුද්ගලයින්ගේ ඡායාරූප දිවයින පුරා පොලිස් ස්ථාන වෙත යොමු කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පියවර ගෙන තිබේ.
එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ එයින් අනතුරුව තමා සම්බන්ධ එවැනි සිද්ධියක් පිළිබද සැකයක් පවතින ඕනෑම අයෙකුට පොලිස්ථානයට පැමිණ ඒ පිළිබද විමසිය හැකි බවය.
තමාගේ ඡායාරූප ඒ අතර ඇත්නම් ඒ පිළිබදව අදාළ පුද්ගලයා පොලීසියට ප්‍රකාශයක් ලබාදිය යුතු අතර සිද්ධියේ ස්වභාවය මත නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
එහෙත් එලෙස ඉදිරිපත් වන කිසිදු අයෙකුගේ ඡායාරූප එයින් අනතුරුව මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් නොකරණ බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සදහන් කළේය.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඒ පිළිබද කෙරෙන විමර්ශන කටයුතු අදින් අවසන් කෙරෙන අතර මේ වනවිට වීඩියෝ පට 70 ක් පරීක්ෂාවට ලක් කර ඇති බවය.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඒවායෙහි සිටින පුද්ගලයින්ගේ ඡායාරූප පොලිස් ස්ථාන වෙත ලබා දෙනු ඇත.
අනතුරුව මාස දෙකක පමණ කාලයක් තුළ ඒවායෙහි සිටින පුද්ගලයින් හදුනා ගැනීමට නොහැකි වුවහොත් ඒවා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුරටත් සදහන් කළේය
|
facebook දත්ත සොරා ගැනීම්
12-14-2010
facebook දත්ත සොරා ගැනීම් පැමිණිලි 80ක්: පැමිණිලි කිරිමට අංකයක්
E-mail Print PDF
දෙසැ.14- මෙරට ඉන්ටර්නෙට් ජාලය ඔස්සේ සිදුවන අපචාර ක්‍රියා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය පැවසීය.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා ප්‍රකාශ කළේ ඉන්ටර්නෙට් ජාල භාවිත කිරීම ව්‍යාප්තවීමත් සමග විවිධ පුද්ගලයින් වංචාකාරි හා විනාශකාරි ක්‍රියාවන් සිදුකිරීමට පෙළඹී ඇති බවය.
facebook වැනි සමාජ සබඳතා වෙබ් අඩවිවලට පිවිසෙන පුද්ගලයින්ගේ password හෙවත්රහස් මුරපද සොරකම් කර ඔවුන්ගෙන් මුදල් ඉපැයීමට ඇතැමුන් ක්‍රියාකරන බවද පල්ලියගුරු මහතා සඳහන් කළේය.
ඔහු ප්‍රකාශ කළේ දැනටමත් ඒ පිළිබඳ පැමිණිලි 80 කට අධික සංඛ්‍යාවක් තම ආයතනයට ලැබී ඇති බවය.
පරිගණක අපරාධ පනත යටතේ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට හැකියාව පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පැවසීය.
ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා මෙරට ඉන්ටර්නෙට් ජාල භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි අපචාර සම්බන්ධ පැමිණිලි කඩිනමින් තමන් වෙත ඉදිරිපත් ලෙසය.
පල්ලියගුරු මහතා සදහන් කළේ ඒ අනුව 011 2 691 692 යන දුරකථන අංකයෙන් හෝ slcert@slcert.gov.lkThis e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it යන ඊ-මේල් ලිපිනය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවය.
|
සක්‌විති රෝහලට
12-07-2010
රුපියල් කෝටි සියයකටත් අධික ජනතා මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සක්‌විති රණසිංහ ඊයේ (7 දා) බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
සක්‌විති රෝහල්ගත කිරීමට පෙර බන්ධනාගාරයේ වූ රුපවාහිනි යන්ත්‍රයක්‌ද පොළවේ ගසා විනාශ කළ බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහල්ගත කළ සක්‌විති රණසිංහගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්‌ෂා කිරීම සඳහා ඊයේ සවස ඔහු විශේෂ වෛද්‍ය පරීක්‌ෂණයකට ලක් කිරීමට නියමිතව තිබිණි.
මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සක්‌විති යම් මානසික ආබාධයකින් පෙළෙන්නේදැයි පරීක්‌ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මත මීට පෙර ඔහු වෛද්‍ය පරීක්‌ෂණයකටද ලක් කෙරිණි.
|
යුද අපරාධ කළේ එල්ටීටීඊය පමණයි - සජිත්
12-07-2010
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුව ඇත්නම් එය කර තිබෙන්නේ එල්. ටී. ටී. ඊ. ය. විසින් පමණක් බව එක්සත් ජාතික පක්‍ෂය් හම්බන්තොට දිස්‌ත්‍රික් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරික්‍ෂා කළ යුතු බවට එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා අයිලන්ඩ් පුවත්පතට කර තිබූ ප්‍රකාශයක් පදනම් කරගනිමින් ඇමැති විමල් වීරවංශ ඊයේ පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කළේය.
විමල් වීරවංශ මහතා - යුද අපරාධ සිදුව ඇත්නම් පරික්‍ෂා කළ යුතු බව කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබුණා. යුද අපරාධ සිදුව නැති බවත් ඒ පිළිබඳ පරික්‍ෂණ අනවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා "දිවයින" පත්‍රයට ප්‍රකාශ කර තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා - මගේ ස්‌ථාවරය රටම දන්නවා.
වීරවංශ මහතා - ඔව් අපි එය අගය කරනවා. ඔබ හරි.
සජිත් ප්‍රේමදාස මහතා - මෙරට සිදුව ඇති එකම යුද අපරාධය සිදුව තිබෙන්නේ එල්. ටී. ටී. ඊ. යෙන් පමණයි.
|
රිසානාගේ මරණ දඬුවම අත්හිටුවයි
12-07-2010
සෞදි අරාබියේ ගෘහසේවිකාවක ලෙසින් සේවය කරද්දී බිළිඳෙකු මරාදැමූ බවට වැරදිකාරිය වූ ශී‍්‍ර ලාංකික රිසානා නෆීක්ගේ මරණ දඬුවම එරට රජු විසින් අත්හිටුවා තිබේ.
ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ පෞද්ගලික අභියාචනයක ප‍්‍රතිඵලයක් වශයෙන් අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් රජු විසින් එම පියවර ගත් බව විදේශ රැුකියා ප‍්‍රවර්ධන ඇමති ඩිලාන් පෙරේරා මහතා අද (දෙසැ. 07) පාර්ලිමේන්තුවේදී කීය.
බෝතලයෙන් කිරි පොවද්දී එම බිළිඳා තමන් අතින් අත්වැරදිමෙන් හුස්ම හිරවී මරණයට පත්වූ බව එම සිද්ධිය සිදුවද්දී 17 හැවිරිදි වියෙහි පසුවූ රිසානා පවසා තිබේ
|
උප පොලිස් පරීක්ෂකවරුන්
11-25-2010
පොලිස් නිත්‍ය සේවයට ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් බදවා ගැනීමේ ලිඛිත පරික්ෂණය නොවැළැක්විය හැකි හේතුවන් මත කල් දමා ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.
උප පොලිස් පරික්ෂකවරු බදවා ගැනීමේ තරග විභාගය ලබන 5 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබුණි.
පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ අනුව අදාළ විභාගය ලබන මස 11 වන දින පැවැත්වෙන අතර මීට පෙර නිකුත් කර තිබු ප්‍රවේශපත්‍රය එදිනටද වලංගු බවය.
|
සැටලයිට් විකාශන මධ්‍යස්ථානයක්
11-25-2010
කොළඹ, කොටහේන ජම්පටාවීදියේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය සැටලයිට් විකාශන මධ්‍යස්ථානයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වටලා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේ එම ස්ථානයේ තිබු භාණ්ඩ තොගයක් පොලිසිය භාරයට ගෙන ඇති බවය.
මේ අතර බලපත්‍ර සහිතව යාපනය ප්‍රදේශයේ පවත්වාගෙන යන සැටලයිට් විකාශන මධ්‍යස්ථාන 14 ක් පිළිබදවද පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.
|
පුදුකුඩිඉරිප්පු සමූහ මිනීවල හාරයි:
11-25-2010
යුධ සහ නාවික හමුදා සාමාජිකයින් 26 දෙනෙකු ඝාතනය කර පුළුස්සා භස්මාවශේෂ වළදමා ඇතැයි සැක කෙරෙන මුලතිව් වල්ලිපුනම් ප්‍රදේශයේ කැනීම්වලදී ඇටසැකිලි, පතරොම් කොපු හමු සහ අළු හමු වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේ පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 4 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරිමේදී ඒ පිළිබදව කරුණු අනාවරණ වු බවය.
අනතුරුව එහි කැනීම් සිදුකිරිම සදහා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණි.
කැනීම් විමර්ශනය සදහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව , අධිකරණ වෛද්‍ය නිලධාරින්, රජරට හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවල මහාචාර්යවරුන් දෙදෙනෙකු සහ මිනුම්පති දෙපාර්තමේන්තුවේ සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහභාගී වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ඔහු පැවසුවේ එම ස්ථානයෙන් සොයාගත් කොටස් සහ අළු පරීක්ෂණ සදහා කොළඹ වෝහාරික විද්‍යා පීඨය වෙත රැගෙන එන බවය.
|
ෆොන්සේකාට ලැබිය යුතු යන්ත්‍රය
11-19-2010
බන්ධනාගාර රෝහල්ගතව සිටින සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සතුටුවිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
ෆොන්සේකා මහතාට ලැබිය යුතු ව්‍යායාම් යන්ත්‍රය මෙතෙක් ලැබී නොතිබීම සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීමට හේතුවී ඇති බව ඔහු සඳහන් කළේය.
අද(19) පෙරවරුවේ බන්ධනාගාර රෝහලවෙත ගොස් සරත් ෆොන්සේකා මහතා හමුවී පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේය. සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව එහිදි ඔහු වැඩිදුරටත් කියා සිටියේය
|
අල්ජසීරා සාමාජිකයින්ට වීසා
11-13-2010
ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා වීසා අයදුම් කළ අල්ජසීරා රූපවාහිනී නාලිකාවේ සාමාජිකයින් තිදෙනාට වීසා ලබාදීමට පියවර ගන්නා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවය ආවරණය කිරීම සඳහා මෙම මාධ්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා ඉල්ලුම් කර තිබුණි. එහෙත් ඔවුන්ට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
ඔවුන්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොමැති බැවින් ශ්‍රී ලංකාවට ඇතුළුවීම අල්ජසීරා රූපවාහිනියේ මාධ්‍ය කණ්ඩායමට අවසර ලබා දීමට ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පසුගිය බදාදා දිනයේ දී අල් ජසීරා රූපවාහිනී නාලිකාව තුළින් මානුෂීය මෙහෙයුම් සමයේ යුද හමුදාව විසින් දෙමළ වැසියන් ඝාතනය කළ බවට පවසමින් ව්‍යාජ දර්ශන ප්‍රචාරය කරනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය විරෝධය පළ කළ අතර එම විකාශනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා ප්‍රකාශ කළේය
|
ඊ.පී.එෆ්. - ඊ.ටී.එෆ්. හිමියන්
11-13-2010
පුද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමේදී සේවක අර්ථසාධක (EPF) සහ සේවා නියුක්‌තියන්ගේ භාරකාර අරමුදල් (ETF) හිමියන්ට කිසිදු හානියක් සිදුනොවන අතර මේ නිසා ඔවුන් ඒ පිළිබඳව කිසිදු බියක් සැකක් ඇති කර ගතයුතු නැති බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවැසීය. පුද්ගලික අංශය සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට රජය කටයුතු කරගෙන යන නිසා ඇතැම් සේවකයින් සිය අර්ථසාධක හා සේවා නියුක්‌තිකයන්ගේ භාරකාර අරමුදලේ සාමාජික මුදල්වලට හානියක් වනු ඇතැයි සැකයෙන් පසුවන බවත් නව විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ එම අරමුදල්වලට කිසිදු හානියක් සිදු නොවන බවත් හෙතෙම කීය.
විශ්‍රාම වැටුප ලබාදීමේ දී ඒ සඳහා අරමුදලක් ඇති කරන බවත් එම අරමුදලට පුද්ගලික අංශයේ සේවකයින්ගේ හා හාම්පුතුන්ගෙන් ලබාගන්නා දායකත්වය පිළිබඳව දැනටමත් සාකච්ඡා කරමින් පවතින බවත් ඒ මහතා පැවැසීය.
නව විශ්‍රාම වැටුප ඇති කිරීමේදී දැනට පුද්ගලික අංශයේ සේවකයින් ලබන කිසිදු වරප්‍රසාදයක් අඩු කිරීමක් හෝ කපා හැරීමක් සිදුනොකරන බව පවසන ගාමිණී ලොකුගේ මහතා මේ තත්ත්වය මත සේවකයින් අනියත බියක් ඇතිකර ගතයුතු නැති බව වැඩිදුරටත් කීය.
|
අසැබි තරුණියක් අත්අඩංගුවට
11-13-2010
අසභ්‍ය වෙබ් අඩවිවලට පෙනී සිටි බව කියන තරුණියක් පෙරේදා (11 වැනිදා) රාත්‍රියේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තරුණිය සිය කැමැත්තෙන්ම පොලිසියට පැමිණ කට උත්තරයක් දීමෙන් පසු ඇය අත්අඩංගුවට ගත් බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක් "දිවයින" ට පැවසීය.
|
|